සිය මූල්‍ය බැඳීම ඉටු කරන ලෙසට චීනයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම මූල්‍ය බැඳීම දරන රටට ඉල්ලීමක්
2022-05-04 17:23:43
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූල්‍ය බැඳීම ඉටු කරන ලෙසට චීනය එම සංවිධානයේ විශාලතම මූල්‍ය බැඳීම දරන රටෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (3) එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පරිපාලන හා අයවැය කමිටුවේ දෙවන සැසිවාරයේදී එම ඉල්ලීම කළේය. ද්‍රවශීලතා ගැටළු මූලික ලෙස විසඳිය යුතු අතර සාමාජික රටවලට, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිරේක මූල්‍ය බරක් එක් නොකළ යුතු බව හෙතෙම එහිදී පැවසීය. වසර ගණනාවක් තුළ, එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ වැඩි මූල්‍ය බැඳීම දරන රට සිය මූල්‍ය බැඳීම ඉටු කර නොමැති අතර එය අනෙකුත් රටවලට අසාධාරණයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

චීනය සිය මූල්‍ය වගකීම් සක්‍රීයව ඉටු කළ අතර මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඩොලර් මිලියන 200 කට වැඩි සාමාජිකත්ව මුදලක් ගෙවා ඇති බව Dai Bing මහතා කියා සිටියේය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම