ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඉරානය හා ඇමරිකාව අතර සාකච්ඡා
2022-05-04 15:16:30
Share with:

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි අනුගමනය කිරීම පිළිබඳව ලිඛිත තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමය හරහා ඉරානය හා ඇමරිකාව සාකච්ඡා කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා ඊයේ (03) පැවසීය. ඉරාන Tasnim පුවත් ඒජින්සියේ වාර්තාවකට අනුව, ඉරානයට ‍එරෙහිව පැනවූ එක්පාර්ශ්වික සම්බාධක ඉවත් කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයා හරහා ඉරානය ඇමරිකාව සමඟ ලිඛිත තොරතුරු හුවමාරු කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. 

අදාළ සාකච්ඡාවේදී ශක්තිමත් මෙන්ම තිරසර ගිවිසුමකට එකඟවීම ඉරානයේ ප්‍රධාන ඉලක්කයයි. යථාර්තවාදී  ආකල්පය මත ඇමරිකාව ඉරානයට එරෙහිව පැනවූ සියළු සම්බාධක ඉවත් කිරීම සහ  ආර්ථික සහතිකයක් ලබා ගැනීම කෙරෙහි එම සාකච්ඡාවේදී ඉරානය වැඩියෙන් අවධානය යොමු කරන බව ද Hossein Amir-Abdollahian මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම