ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් ඇමති කියයි
2022-05-04 16:27:37
Share with:

ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි  මහතා  පවසයි.

පවතින  අයවැය තවදුරටත් යථාර්ථවත් නැති බැවින් ඉතා ඉක්මනින් අලුත්  අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමගින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

මීළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවනු ඇතැයි ද  අලි සබ්රි මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම