ඇමරිකාවේ සම්බාධකයන්ට එරෙහිව කියුබාව කම්කරු දින රැලි පවත්වයි
2022-05-03 15:06:39
Share with:

ඇමරිකාව පනවා ඇති සම්බාධකයන්ට එරෙහිව කියුබාව කම්කරු දින රැලි පවත්වයි.

මැයි 1 වැනිදා කියුබාවේ බොහෝ ප්‍රදේශවල කම්කරු දින රැලි පැවැත්විණ. මිලියන ගණනක ජනතාව ඇමරිකාවේ සම්බාධකයන්ට එරෙහිව එම රැලිවලට සහභාගි වූහ. 1 වැනිදා හවානා අගනුවර විප්ලවීය චතුරශ්‍රයේ දී කියුබානු විප්ලවවාදී නායක Raul Castro මහතා සහ කියුබානු ජනාධිපති Miguel Diaz-Canel මහතා එම රැලියට සහභාගී වූහ.

1959 කියුබානු විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු, සෑම මැයි 1 වැනිදාවකම කියුබාව පුරා මහා රැලි පැවැත්වේ. නව කොරොනා වසංගතය හේතුවෙන්, 2020 සහ 2021 දී එම රැලි පැවැත්වීමට නොහැකි විය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම