රුසියාව විසින් යුරෝපා රටවලට ස්වාභාවික ගෑස් සැපයීම අත්හිටුවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් රටවල බලශක්ති ඇමතිවරුන් ගේ හදිසි රැස්වීමක්
2022-05-03 15:14:33
Share with:

 

රුසියාව විසින් යුරෝපා රටවලට ස්වාභාවික ගෑස් සැපයීම අත්හිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගම් රටවල බලශක්ති ඇමතිවරු හදිසියේ රැස් වෙති.

 රුසියා යුක්‍රේන තත්ත්වයෙන් යුරෝපා සංගමයේ බලශක්ති සැපයුමට එල්ලවන බලපෑම් පිළිබඳව එම ඇමතිවරු ඊයේ(2) බ්‍රසල්ස්හිදී හදිසි රැස්වීමක් පැවැත්වූහ.

රුසියානු ස්වාභාවික ගෑස් කර්මාන්ත සමාගම, පෝලන්තය හා බල්ගේරියාවට ස්වාභාවික ගෑස් සැපයුම නතර කර ඇති බවත් කවර හෝ යුරෝපා සංගම් සාමාජික රටක්, මීළඟට එම තත්ත්වයට ලක්වන ‘ඉලක්කය’ විය හැකි බවත් යුරෝපා සංගමයේ බලශක්ති පිළිබද කොමසාරිස් Kadri Simson මහත්මිය එම රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

රුසියානු බලශක්ති සැපයුම, යුරෝපා රටවල බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමේ දී  වැදගත් ස්ථානයක් ගනී. යුරෝපා සංගමයට අවශ්‍ය සියයට 40ක ස්වාභාවික ගෑස් හා සියයට 30ක ඛනිජ තෙල් රුසියාවෙන් ආනයනය  කළ යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම