චීන ජනාධිපතවරයා චීන තරුණ පරපුර අභ්‍යාවකාශ ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන කැපවීම අගය කරයි
2022-05-03 15:08:46
Share with:

මැයි මස 4 වෙනිදාට යෙදෙන චීන යෞවුන් දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන අභ්‍යාවකාශ විද්‍යා හා තාක්ෂණ සමූහයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීමේ තරුණ කණ්ඩායමට පිළිතුරු ලිපියක් යොමු කරයි.අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ නියැළී සිටින තරුණ පරපුර වෙත හෙතෙම සුබ පැතුම් පිරිනැමීය.එමෙන්ම ඔවුන් ගේ කැපවීම පිළිබඳව ද හෙතෙම අවංක අපේක්ෂාව පළ කර ඇත.

අභ්‍යාවකාශ විද්‍යා තාක්ෂණික තරුණ ප්‍රවීණයන් විසින් තමා වෙත එවූ ලිපිය කියැවූ විට වසර නවයකට පෙර තමා තරුණ පර්යේෂකයන් සමඟ අදහස් හුවමාරු කරගත් අවස්ථාව යළි සිහිපත් වූ බව ෂී ජින්පින් මහතා සිය පිළිතුරු ලිපියේ සඳහන් කරයි.ගතවූ වසර නවය තුළ, Tiangong අභ්‍යාවකාශ මධස්ථානය, Beidou ගෝලීය චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධතිය, Chang'e චන්ද්‍ර ගවේෂණ චන්ද්‍රිකාවේ සිට, Tianhe මොඩුයලය, Tianwen ග්‍රහලෝක ගවේෂණ මෙහෙයුම සහ Xihe සූර්ය ගවේෂණ තාක්ෂණ චන්ද්‍රිකාව දක්වා, චීන අභ්‍යාවකාශ ක්ෂේත්‍රය අඛණ්ඩව නව ඉතිහාසය නිර්මාණය කර ඇත. එහිදී වැදගත් වගකීම් භාර ගත් තරුණ පිරිස නව යුගයේ චීන තරුණයන් ගේ ජීවගුණය පිළිබිඹු කළ බව හෙතෙම සඳහන් කළේය.

ශක්තිමත් අභ්‍යාවකාශ තාක්ෂණ සහිත රටක් ගොඩනැගීම සඳහා පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩ උත්සාහ දැරිය යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ නියැළී සිටින සියළු තරුණ තරුණියන් රටේ අභ්‍යාවකාශ විද්‍යාව සහ තාක්‍ෂණයේ ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ ස්වයං දියුණුවක් ඉටු කිරීම සඳහා නව දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම