චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්
2022-05-03 15:29:05
Share with:

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් යුවාන් මිලියන 300ක ආධාරයක් ලබා දීමට  චීන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

චීන රජය විසින් යුවාන් මිලියන 300 ක ආධාරය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දෙන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අනුව චීන රජය විසින් ලබා දී ඇති හදිසි මුල්‍ය ආධාර ප්‍රමාණය චීන යුවාන් මිලියන 500 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 76 කි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම