José Manuel Ramos-Horta මහතා නැගෙනහිර ටිමෝර ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව චීන ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම්
2022-05-03 16:02:39
Share with:

José Manuel Ramos-Horta මහතා නැගෙනහිර ටිමෝර ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

චීන ජනාධිපතිවරයා නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා වෙත අද (3)මෙම සුබ පැතුම් පණිවුඩය යොමු කර තිබේ.

ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දුන්නේ, චීනය හා නැගෙනහිර ටිමෝර ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ‍‍‍ගෙවුණු වසර 20 තුළ දෙරටේ ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කර ද්විපාර්ශ්වික සබඳතාව මනා ලෙස සංවර්ධනය කිරීමෙන් දෙරටේ ජනතාවට සැබෑ ජයග්‍රහණ හිමිව ඇති බවයි. චීන - නැගෙනහිර ටිමෝර සබඳතා විශාල රටක් හා කුඩා රටක් සාධාරණ ලෙස  සලකමින් පොදු සහයෝගිතා මගින් ජයග්‍රහණ ලබා ගැනීමේ ආදර්ශයක් බව හෙතෙම පැවසීය.දෙරටේ සබඳතාවට විශාල වැදගත්කමක් දක්වන තමා José Manuel Ramos-Horta මහතා සමඟ, දෙරටේ මිත්‍රශීලි අසල්වැසි සබඳතාව, අන්‍යෝන්‍ය විශ්වාසය සහ අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබාගැනීමේ පූර්ණ සහයෝගිතා හවුල්කාරි සබඳතාව ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද, ෂී ජින් පිං මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම