යුක්රේනයේ බලය පෙරළීම තම ඉලක්කයක් නොවන බව රුසියාව කියයි
2022-05-02 16:08:04
Share with:

මැයි මස 9 වැනි දාට යෙදෙන “දේශප්‍රේමී යුද්ධය”ජයගැනීමේ සංවත්සරයට පෙර යුක්‍රේනයේ සිදු කරන විශේෂ යුද මෙහෙයුම් අවසන් කිරීමට රුසියාව ක්‍රියා නොකරනු ඇතැයි රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා පවසයි.

රුසියානු විදේශ අමාත්‍යංශ වෙබ් අඩවියේ ඊයේ(1) නිකුත් කෙරුණු තොරතුරකට අනුව, යුක්‍රේනයේ සිදු කරන විශේෂ යුද මෙහෙයුම්වල වර්ධන තත්ත්වය, ‘සිවිල් වැසියන් හා රුසියානු හමුදාවන්හී අවදානම ඉතා අවම මට්ටමක පැවතීම’ මත තීරණය කෙරෙන බව රුසියානු විදේශ ඇමතිවරයා කියා සිටියි. රුසියාව යුක්‍රේන ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින්නේ සිවිල් වැසියන්ට නිදහස දී ප්‍රතිරෝධය නතර කිරීම මිස, යටත්වීම නොවේ. ‘යුක්‍රේනයේ දේශපාලන බලය පෙරලීම’ රුසියාවේ ඉලක්කවලට අයත් නොවන බව ද ඔහු කීය.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ(1) සමාජ වෙබ් අඩවියෙන් ප්‍රකාශ කළේ, තම පාර්ශ්වය එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සමග Azovstal වානේ කම්හලේ සිටින සිවිල්වැසියන් ඉවත් කිරීමට සහාය වෙමින් සිටින බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම