ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින්
2022-05-02 16:18:03
Share with:

ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් සඳහා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය පොහොර වලින් කොටසක් රජය මඟින් ආනයනය කර කඩිනමින් ගොවීන්ට ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.

පුද්ගලික අංශය විසින් පොහොර ආනයනය කොට අධික මිලකට අලෙවි කිරීම තුළ ගොවීන් මුහුණ පාන ගැටලු සඳහා පිළියමක් ලෙස රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු සලසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම