රුසියාවෙන් අඩු මිලට ලබාදෙන ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව සොයා බැලේ
2022-05-02 16:17:06
Share with:

ආනයන වියදම් අඩුකර ගැනීම වෙනුවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව රජය සොයා බලමින් සිටින බව වාර්තාවෙයි. විශේෂයෙන් රුසියාවෙන් අඩු මිලට ලබාදෙන ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව සොයා බැලේ. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට මහා භාණ්ඩාගාරය බලාපොරොත්තු වෙයි. යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ මේ පිළිබඳව විදේශ අමාත්‍යංශ ඔස්සේ සොයා බැලීම් සිදුකෙරේ. විදේශ අමාත්‍යංශයේ නිෂ්කාශනය ලැබීමෙන් පසු පමණක් මෙම යෝජනාව ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අතරම ඉදිරියේදී තායිලන්තයෙන් අඩු මිලට ගෑස් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි. තායිලන්තයෙන් ගෑස් මිලදී ගැනීමේදී මෙට්‍රික්ටොන් එකකට වැය වන්නේ ඩොලර් 95 ක් පමණි. ඕමානයෙන් ගෑස් මිලදී ගැනීමේදී මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 105ක් වැය විය. තායිලන්තයෙන් ඇණවුම් කළ පළමු ගෑස් තොගය ලබන මාසයේදී මෙරටට ළඟාවනු ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම