චීනයේ දුම්රිය මාර්ගයෙන් මාසිකව ප්‍රවාහනය කෙරුණු භාණ්ඩ ප්‍රමාණයේ නව ඓතිහාසික වාර්තාවක්
2022-05-02 18:39:34
Share with:

අ‍ප්‍රේල් මාසයේ චීනයේ දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරුණු භාණ්ඩ ප්‍රමාණය නව ඓතිහාසික වාර්තාවක් පිහිටුවයි.

පසුගිය මාසයේ ‍ දුම්රිය සේවාවලින් භාණ්ඩ ටොන් කෝටි 33ක් ප්‍රවාහනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 10.1කින් වැඩි විය.

වසංගත පාලන, කෘෂිකර්ම, බලශක්ති යනාදී භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවා අංශය සීග්‍රගාමී  පහසුකම් සලසා දී තිබේ. අප්‍රේල් මාසය තුළ පොහොර, කෘමිනාශක හා බීජ යනාදී කෘෂිකර්ම භාණ්ඩ ටොන් මිලියන 6.03ක් ප්‍රවාහනය කර ඇති අතර පසුගිය වසරේ එම කාලයට වඩා එය සියයට 47.6ක වර්ධනයකි. මේ අතර ෂැන්හයි නගරය, ජීලින් පළාත හා හොංකොං විශේෂ පරිපාලන කලාපයට භාණ්ඩ සැපයුම සහතික කිරීමට පියවර ගෙන ඇත.

ජාත්‍යන්තර ඒකාබද්ධ ප්‍රවාහනය ද ශක්තිමත් කර ඇත. ඒ අතරින් චීන ලාඕස දුම්රිය මාර්ගයෙන් භාණ්ඩ ටොන් එක්ලක්ෂ තිස්දෙ දහසක් ප්‍රවාහනය කෙරුණු අතර පසුගිය මාර්තු මාසයට වඩා එය සියයට 10ක වැඩිවීමකි. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම