ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම බලාත්මකයි
2022-05-02 16:52:56
Share with:

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම බලාත්මක වෙයි. එය ඊයේ (1) සිට ක්‍රියාත්මක තත්ත්වයට පත්විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ උප සහරා අප්‍රිකාව වෙත පිවිසුම් ද්වාරයක් බව ඉන්දියානු වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (1) පැවසීය. ඉදිරි වසර 5 තුළ ද්විපාර්ශ්වික වෙළඳ වටිනාකම වර්තමානයේ පවතින වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 60 සිට බිලියන 100 ක් දක්වා ඉහළ නැංවීමට එම ගිවිසුම උපකාරී වනු ඇති බව ද හෙතෙම පැවසීය.

මෙම වසරේ පෙබරවාරි මස 18 වැනිදා දෙපාර්ශ්වය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට අත්සන් තැබීය. එම ගිවිසුම බලාත්මක වීමත් සමඟ, ඉන්දියානු භාණ්ඩවලින් 90% කට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාණ්ඩවලින් 65% කට තීරුබදු රහිත වෙළෙඳපොළ ප්‍රවේශ සහන හිමිවනු ඇත.


ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම