ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීම් 2ක්
2022-05-01 18:50:29
Share with:

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරින් බෝම්බ පිපිරීම් 2ක් වාර්තා වේ.

ඊයේ (30) කාබුල් නුවර මගීන් රැගත් බස් රථයක බෝම්බ පිපිරීමක් සිදු විය. එයින් අවම වශයෙන් පුද්ගලයෙකු මිය ගිය බව එරට නිලධාරීහු පවසති. ඊට පෙර දින කාබුල් නගරයේ පල්ලියක් තවත් බෝම්බ ප්‍රහාරයකට ලක් විය. එයින්  10 දෙනෙකු මිය ගිය අතර, තවත් පුද්ගලයෝ 30 දෙනෙක් තුවාල ලැබූහ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එම සිද්ධීන් දෙකම දැඩි ලෙස හෙළා දකින බව, ඔහුගේ ප්‍රකාශකයා නිවේදනය කර ඇත.

බෝම්බ ප්‍රහාරවල වගකීම් බාර ගන්නා බව අයි.එස්. සංවිධානය ඊයේ(30) ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම