හුනාන් පළාතේ කඩා වැටුණු ගොඩනැගිල්ල ආශ්‍රිත මෙහෙයුම් අවශ්‍ය ඕනෑම පිරිවැයක් දරා සිදුකරන ලෙස චීන ජනපතිගෙන් නියෝග
2022-05-01 18:06:49
Share with:

මධ්‍යම චීනයේ හුනාන් පළාතේ කඩා වැටුණු නිවාස ගොඩනැගිල්ල ආශ්‍රිතව, අනතුරට පත්වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඕනෑම පිරිවැයක් දරා සිදුකරන ලෙස, චීන ජනාධිපති ෂී ජින් පින් මහතා නියෝග කර තිබේ. හුනාන් පළාතේ අගනුවර වන Changsha හි Winching දිස්ත්‍රික්කයේ 29 වැනිදා දහවල් 12:24 ට සිදු වූ මෙම අනතුරින් පසු, ජනාධිපතිවරයා වහාම මෙම උපදෙස් ලබා දී තිබේ. තුවාල ලැබූවන් බේරා ගැනීමට සහ පසු ව්‍යසන වැළැක්වීමට සියලු පියවර ගන්නා ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

අනතුරට බලපා ඇති හේතුව පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීමටත්, අදාළ නිල තොරතුරු කඩිනමින් හෙළි කරන ලෙසත් ජනාධිපතිවරයා  නියෝග කළේය. මිනිසුන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම මෙන්ම සමාජ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා පෞද්ගලිකව ඉදිකෙරුණු ගොඩනැගිලිවල පවතින අවදානම අවම කිරීම සඳහා රටපුරා විශේෂ ව්‍යාපාරයක් දියත් කරන ලෙස ද  හෙතෙම ඉල්ලා සිටී. 

අගමැති Li Keqiang, සිරවී සිටින්නන් බේරා ගැනීමට කඩිනම් මෙහෙයුම් සිදුකරන ලෙස ඉල්ලා සිටි අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම පෞද්ගලිකව ඉදිකෙරුණු ගොඩනැගිලිවල පවතින අවදානම් තත්ත්ව  විසඳීමට පළාත් පාලන ආයතනවලට නියෝග කළේය.  ප්‍රාන්ත ප්‍රධානි Wang Yong මහතා සහ මධ්‍යම රජයේ මෙන්ම පළාත් පාලන ආයතනවල නිලධාරීන් අනතුර වූ ස්ථානයට පැමිණි අතර, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම