අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක්වන්නැයි ජනපති කම්කරු ජනතාවගෙන් ඉල්ලයි
2022-05-01 16:07:35
Share with:

අප රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක් වූ කම්කරු ජනතාව නොසැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටී. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ මේ බව සඳහන් වේ.

ජනතාවගේ පීඩා අවම කිරීම සඳහා, පවතින අර්බුදවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම රජයේ ඉලක්කයයි. මෙවර කම්කරු දිනයේදී සියලු දෙනා එක්ව, පවතින අභියෝග ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙන්නැයි සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපතිවරයා ඇරයුම් කරයි. දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙසත් හෙතෙම කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම