රුසියාව සහ ඇමරිකාව අතර උපායමාර්ගික ස්ථාවර සංවාදය නිල වශයෙන් අත්හිටුවන බව රුසියානු විදේශ අමාත්‍යංශය කියයි
2022-05-01 17:18:15
Share with:

රුසියාව සහ ඇමරිකාව අතර උපායමාර්ගික ස්ථාවර සංවාදය නිල වශයෙන් අත්හිටුවන බව, රුසියානු විදේශ අමාත්‍යංශ නිලධාරියෙක් පවසයි. ඔහු ඊයේ(30) ප්‍රකාශ කළේ, රුසියාව සහ ඇමරිකාව අතර සන්නිවේදනය, රුසියාව යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුම් නවතා දැමීමෙන් පසු නැවත ආරම්භ වනු ඇති බවයි.

2021 වසරේ ජූනි මාසයේ, ඇමරිකානු හා රුසියානු ජනාධිපතිවරුන් Geneva හිදී හමුවීමෙන් පසු, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ. අවි පාලනය සහ ගැටුම් අවදානම අවම කිරීම සම්බන්ධයෙන්දෙරට අතර උපායමාර්ගික ස්ථාවර සංවාදයක් පවත්වන බවද, එම නිවේදනයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

එතැන් සිට රුසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම