චීන විදේශ අමාත්‍යවරයාගෙන් කිර්ගිස්තාන නව විදේශ අමාත්‍යවරයාට සුබ පැතුම්
2022-04-30 16:30:14
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා කිර්ගිස්තානයේ නව විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් ජීන්බෙක් කුලුබෙව්ට මහතාට සුබ පැතුම් පිරිනමයි. චීනය සහ කිර්ගිස්තානය මිත්‍රශීලී අසල්වැසියන් මෙන්ම පුළුල් උපායමාර්ගික හවුල්කරුවන් බව ඊයේ (29) යොමුකෙරුණු එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

වසර 30කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට වර්තමානය දක්වා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන්හි මනා ස්ථාවර වර්ධනයක් දක්නට ලැබෙන බව ද ඔහු පැවසීය. ඉහළ මට්ටමේ හුවමාරු, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් වීම මෙන්ම “එක් තීරයක් එක් මාවතක්”  සහයෝගීතාව තුළින් ඵලදායී ප්‍රතිඵල හිමිවන බව වං යී මහතා පෙන්වාදෙයි. දෙරට එකිනෙකා කෙරෙහි දක්වන සහයෝගය රටවල් අතර මිත්‍රශීලී  සබඳතා සඳහා ආදර්ශයක් සපයන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. විදේශ අමාත්‍යාංශ දෙක අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත්, චීන-කිර්ගිස්තාන් විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව සංවර්ධනය කිරීමටත් චීනය කිර්ගිස්තානය සමඟ කටයුතු කිරීමට සූදානම් බව විදේශ අමාත්‍ය වං යී මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම