සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ඉදිරි වැඩපිළිවෙළ ඇරඹෙයි
2022-04-30 15:42:20
Share with:

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩු පක්ෂය නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයන් සහ නියෝජිතයන් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (29) පැවති සාකච්ඡාවේදී හෙතෙම මේ බව පැවසීය.

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පත් කරගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී තිබේ. පක්ෂ නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහය දක්වන්නේ නම්, තමා ඊට එකඟතාව පළකරන බව ජනාධිපතිවරයා කියාසිටී.

මේ අතර, අන්තර්වාර රජයක් සමග එක්වීමට සමගි ජනබලවේගය කිසිසේත් සූදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම පක්ෂය සංවිධානය කර ඇති පාගමනට එක්වෙමින් ඊයේ(29) ඔහු ඒ බව යළි අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම