චීනය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන කැරිබියානු රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව පැවැත්වේ
2022-04-29 19:36:50
Share with:

එම සමුළුව අද(29) පෙරවරුවේ මාර්ගගතව පැවැත්විණ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පැවසුවේ, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා සමගින් Dominica රාජ්‍යයේ වැඩබලන අගමැති Reginald Austrie මහතා සමුළුවේ මුලසුන් දැරූ බවයි. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගෙන ඇති කැරිබියානු රටවල් 9ක් ඊට සහභාගි විය. චීනය හා කැරිබියානු රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවති  වසර 50 ක අත්දැකීම් පිළිබඳව විවිධ පාර්ශ්වයන් ඔස්සේ යළි විමසා බලමින්, එම සබඳතාවන්හි ඉදිරි වර්ධනය පිළිබඳ විශ්වාසය පළ කරන බව Zhao Lijian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම