චීනයෙන් තවත් චන්ද්‍රිකා දෙකක් සාර්ථකව උඩුගුවනට
2022-04-29 15:05:12
Share with:

චීනය තවත් චන්ද්‍රිකා දෙකක් සාර්ථකව ගුවන්ගත කරයි. වයඹ දිග චීනයේ Jiuquan හි පිහිටි චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (29) එය ගුවන්ගත කරනු ලැබීය. Siwei 01 සහ 02 ලෙස නම්කෙරුණු මෙම චන්ද්‍රිකා ලෝන්ග්මාර්ච් 2C නමැති ආධාරක රොකට්ටුව මගින් නිකුත් කෙරුණේ, බෙයිජිං වේලාවෙන් පස්වරු 12.11 ටය.

මෙම චන්ද්‍රිකා මගින් දුරස්ථ සන්නිවේදන පර්යේෂණ හා සිතියම්කරණ, පරිසර සංරක්ෂණ හා නාගරික ආරක්ෂණ කටයුතු සඳහා දත්ත ලබාගැනෙනු ඇත. එසේම, ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් සංවර්ධනය උදෙසාද මෙමගින් දත්ත ලබාගැනීමට නියමිතය.

මෙය ලෝන්ග් මාර්ච් කාණ්ඩයට අයත් 417 වැනි මෙහෙයුම වීමද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම