අභියෝගවලට මුහුණදීමේදී ලොකු සහ කුඩා සෑම රටකම සමානාත්මතාව ගරුකරමින් සැබෑ බහුපාර්ශ්විකවාදයේ නියැලී සිටිය යුතු බව චීනය පවසයි
2022-04-29 10:27:20
Share with:

නිමක් නොමැති අභියෝග සහ අර්බුදවලට මුහුණ දීමේදී, ලොකු සහ කුඩා සෑම රටකම සමානාත්මතාව ගරුකරමින් ජාත්‍යන්තර නීතියේ අධිකාරිය සහ විශ්වීය යෙදුම තහවුරු කර, සැබෑ බහුපාර්ශ්විකවාදයේ නියැලී සිටිය යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ඊයේ (28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති " කුඩා රටවල්, බහුපාර්ශ්විකවාදය සහ ජාත්‍යන්තර නීතිය " යන ඉහළ පෙළේ වටමේස රැස්වීමට එක්වෙමින් මේ බව අවධාරණය කළේය.

ලොකු හෝ කුඩා,‍ ප්‍රබල හෝ දුබල, ධනවත් හෝ දුප්පත් යන සියලුම රටවල් ජාත්‍යන්තර ප්‍රජාවේ සමාන සාමාජිකයින් වන අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මුල් අභිප්‍රාය සහ බහුපාර්ශ්විකවාදයේ සහ ජාත්‍යන්තර නීතියේ හරය වන බව Zhang Jun මහතා පෙන්වා දුන්නේය. නමුත්, ලොව පුරා ආධිපතිවාදය සහ බල දේශපාලනය තවමත් පවතී.

චීනය කුඩා හා මධ්‍යම රටවල අවංක මිතුරෙකු බවත්, ඔවුන් සමඟ සැමවිටම  එක්ව සිටින බවත් Zhang Jun මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ ධජය යටතේ සමගිය ශක්තිමත් කිරීම,  එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ආරක්ෂා කිරීම, අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ මෙන්ම පොදු සංවර්ධනයට අනුගත වී, ලෝකයේ සාමය සහ සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා සියලු රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhang Jun මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම