අත්‍යවශ්‍ය සේවා සැපයීමේ අර්බුදයට මසක් තුළ විසදුම්
2022-04-29 10:22:58
Share with:

විදුලිය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට මසක් තුළ විසදුම් ලබාදෙන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදි මුදල් අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත. විදුලිබල හා බලශක්ති සහ වෙළෙඳ හා සමෘද්ධි යන අමාත්‍යවරුන් ද එම අමාත්‍යංශ නිලධාරීන්ද එම හමුවට කැදවා තිබිණ. පවතින අර්බුදකාරි තත්ත්වය පිළිබඳව පක්ෂ නායකයෝ ඇතුළු කාරක සභා සාමාජිකයෝ එම අමාත්‍යවරුන් සහ නිලධාරින් සමග සාකච්ඡා කළහ. ඉන්ධන සම්බන්ධයෙන් ඒකායන මිල සූත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදි පැවසිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම