විනිමය ලැබීම් සහ භාවිතය පිළිබඳ විනිවිදභාව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් කමිටුවක්
2022-04-29 10:27:59
Share with:

විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ සහ පරිත්‍යාගශිලීන්ගේ සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එසේ ලැබෙන පරිත්‍යාග ඖෂධ, ඉන්ධන හා ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පමණක් භාවිත කෙරේ. මහ බැංකුව සඳහන් කරන්නේ විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමට කමිටුවක්ද පත් කර ඇති බවයි. ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකුගෙන් යුත් එම කමිටුව මහ බැංකු අධිපතිවරයා විසින් පත් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම