යුක්රේන ජනපති සහ ජගත් මහලේකම් අතර හමුවක්
2022-04-29 16:31:45
Share with:

යුක්රේන ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක් පැවැත්වෙයි.

යුක්රේන ජනාධිපති VolodymyrZelensky මහතා ඊයේ(28) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මහලේකම් AntónioGuterres මහතා සමග Kyiv නගරයේ දී හමුවකට එක්වූ බවයි.

Mariupol හි පිහිටිAzovstal වානේ කම්හලෙන් සාමාන්‍ය ජනතාව ඉවත් කරගැනීම පිළිබඳ හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට යුක්රේනය සූදානමින් සිටින බව එම හමුවෙන් පසුව යුක්‍රේන ජනාධිපතිවරයා පැවසීය. එහිදී එළඹෙන ගිවිසුම් යුක්රේනය කඩිනමින් අනුගමනය කරනු ඇත. එමෙන් ම, එම කම්හලතුළපුද්ගලයන් වටලනු ලැබීම බැහැර කිරීම සම්බන්ධයෙන් ' සාර්ථක ප්‍රතිඵලයකට ' එළඹීමට හැකිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ සඳහා යුක්රේනය උපරිමයෙන් දායක වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම