පළමු චීන ජාතික නවෝත්පාදන ශිල්පීන් ගේ හුවමාරු සමුළුවට චීන ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම්
2022-04-28 10:25:51
Share with:

පළමු චීන ජාතික අත්කම් ශිල්පීන්ගේ නව නිපැයුම් හුවමාරු සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි

එම සමුළුව ඊයේ(27) බෙයිජිං හිදී ඇරඹිණ. චීන කොමියුනිස්ට්  පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මැයි පළමු දා ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් නිපුණතා ශිල්පීන්ට, ආදර්ශ කම්කරුවන්ට සුබ පැතුම් පළ කරන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.එමෙන්ම සියළු වැඩ කරන ජනතාවට හෙතෙම සුබ පැතුම් පිරිනමන බව එහි සඳහන් වෙයි.

තාක්ෂණික කම්කරුවන් පිරිස, චීන නිෂ්පාදනයේ හා චීන  නවෝත්පාදනයේ වැදගත් ශක්තියක් බව ෂී ජින් පිං මහතා  සඳහන් කළේය. කම්කරු පන්තිය හා වැඩකරන ජනතාව, ආදර්ශ කම්කරුවන්ගේ ජීවගුණය, ශ්‍රම ජීවගුණය සහ ජවය අධ්‍යයනය කරමින් ලෝක විද්‍යාත්මක හා තාක්‍ෂණික විප්ලවයේ සහ කර්මාන්ත පරිවර්තනයේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු ය. රටේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට ගෙන නිෂ්පාදනය ශක්තිමත් කිරීමෙන් රට බලවත් කරලීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කළ යුතුය. නවීන සමාජවාදී රටක් පූර්ණ ලෙස සංවර්ධනය කිරීම සඳහා කම්කරු පන්තිය හා වැඩ කරන ජනතාවට සිය බුද්ධිය හා ශක්තිය කැප කළ හැකි බව ද ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම