චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන කැරිබියානු රටවල විදේශ අමාත්‍ය සමුළුව හෙට (29)
2022-04-28 20:03:28
Share with:

චීනය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන කැරිබියානු රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව හෙට (29) පැවැත්වේ.

එම සමුළුව මාර්ගගතව පැවැත්වෙනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (28) ප්‍රකාශ කළේය. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා සමගින් Dominica අගමැති Roosevelt Skerrit මහතා ඒකාබද්ධව එම සමුළුවේ මුලසුන් දරනු ඇත. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගෙන ඇති කැරිබියානු  රටවල් 9ක් ඊට සහභාගි වීමට නියමිත ය. චීන- කැරිබියානු සබඳතාව හා පොදු අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳව විවිධ පාර්ශ්ව එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කරගනු ඇත.

මේ වසර චීනය හා කැරිබියානු රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 50 වැනි සංවත්සරය යි. ඓතිහාසික අත්දැකීම් අධ්‍යයනය හා එකඟතාව තහවුරු කිරීම මගින් චීන- කැරිබියානු සබඳතා වර්ධනය අඛණ්ඩව ඉහළ නැංවීම ප්‍රවර්ධනය කරන බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම