CGTN නාලිකාව නිමැවූ සංගීත වීඩියෝවකට නිව්යෝක් ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී උළෙලේ දී රන් සම්මානයක්
2022-04-28 17:08:41
Share with:

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව විසින් නිෂ්පාදනය කළ සංගීත වීඩියෝවකට 2022 වසරේ, නිව්යෝක් ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී උළෙලේ දී රන් සම්මානයක් හිමි වේ.

CGTN නිර්මාණය කළ Festival Overture තේමාවෙන් නිමැවූ සංගීත වීඩියෝව ඉකුත් 26 වනදා රාත්‍රියේ පැවති නිව්යෝක් ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී උළෙලේ දී කලාත්මක ප්‍රාසංගිකත්ව කාණ්ඩයේ රන් සම්මානය හිමි කරගෙන ඇත. එමෙන්ම CGTN නාලිකාව තවත් රජත සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන තුනක් දිනාගත්තේය.

1957 වසරේ ආරම්භ වූ නිව්යෝක් ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී උළෙල ගෝලීය ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ම ජාත්‍යන්තර දැක්මක් සහිත තරගාවලියකි. BBC, National Geographic, Discovery Channel, සහ Netflix වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සහ වේදිකා සෑම වසරකම මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කරයි. මෙවර තරගය සඳහා රටවල්42ක චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ සම්මාන කාණ්ඩ 14 ක් සඳහා තරග වැදිණ.

China Global Television Network හෙවත් CGTN නාලිකාව 2016 වසරේ දෙසැම්බර් 31 වනදා නිල වශයෙන් ආරම්භ වී තිබේ. චීනය සහ ලෝකය අතර සන්නිවේදනය සහ අවබෝධය ප්‍රවර්ධනය, චීනය සහ විදේශ රටවල් අතර සංස්කෘතික හුවමාරු සහ අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම එහි ප්‍රධාන අරමුණු බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම