රුසියාව ලෝක සංචාරක සංවිධානයෙන් ඉවත් වෙයි
2022-04-28 16:27:44
Share with:

රුසියාව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි. රුසියානු විදේශ අමාත්‍යංශය ඊයේ(27) සිය වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන‍්ගේ ලෝක සංචාරක සංවිධානය ඊයේ ස්පාඤ්ඤයේ Madrid හිදී විශේෂ සම්මේලනයක් පැවැත්වීය. රුසියාවට හිමි සාමාජිකත්වය අත්හිටුවන්නේ ද නැද්ද යන්න සාකච්ඡාවට ලක් කිරීම සම්මේලනයේ ප්‍රධාන තේමාවකි. සම්මේලනය ආරම්භ වීමෙන් පසු රුසියාව ප්‍රකාශ කළේ ලෝක සංචාරක සංවිධානයෙන් ඉවත්වන බවයි. අදාළ රෙගුලාසි වලට අනුව, ලෝක සංචාරක සංවිධානයට සාමාජික රටක් නිල වශයෙන් එවැනි දැනුම්දීමක් කිරීමෙන් පසු වසරක කාලයකට පසුව එම රට ඉන් ඉවත් වීමේ සමස්ත ක්‍රියාපිළිවෙළ අවසන් වනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම