කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක්
2022-04-27 09:57:01
Share with:

පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි. ඉන් චීන ගුරුවරුන් 3 දෙනෙකු මිය ගොස් ඇති  අතර තවත් චීන ගුරුවරයෙකු තුවාල ලබා ඇත.

පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය එම ත්‍රස්ත ක්‍රියාව දැඩිව හෙළා දකිමින් දෙරටේ විපතට පත් වූවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ගැඹුරු ශෝකය පළ කර සිටී. තුවාල ලැබූවන්ට විධිමත්  ප්‍රතිකාර ලබා දෙමින්, එම ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් තානාපති කාර්යාලය පාකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි. අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන ලෙසත්, පාකිස්ථානයේ  චීන පුරවැසියන්, ආයතන සහ ව්‍යාපෘතිවල ආරක්ෂාව සහතික කිරීමට ඵලදායී පියවර ගන්නා ලෙසත් පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලය ඉල්ලා ඇත. 

මේ අතර, පාකිස්තාන අගමැති Muhammad Shahbaz Sharif මහතා චීන තානාපති කාර්යාලයට ගොස් විපතට පත් වූවන්ට ශෝකය පළ කළේය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම