මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්
2022-04-27 18:20:43
Share with:

රාජ්‍ය වියදම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි, දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බැවින්, වියදම් දැරීමේදී සහ දේශීය අරමුදල් භාවිත කෙරෙන ව්‍යාපෘතිවලදී වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතු ආකාරය දක්වමින් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, දැනට ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර ඇතත්, මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල්තැබීම, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක් නොගෙවීම, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීම, වැටුප් නොවන දීමනා බිල්පත් ප්‍රතිපූර්ණය සීමාකිරීම යනාදී කරුණු එම චක්‍රලේඛයට ඇතුළත්ය.

මීට අමතරව, විවිධ චක්‍රලේඛ මගින් මේ වනවිටත් හඳුන්වා දී ඇති ඉන්ධන, සන්නිවේදන දීමනා, ජල හා විදුලිබල වියදම් ආදිය සීමාකිරීම මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම වැළැක්වීම, දේශීය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවැත්වීම ආදිය ද නව චක්‍රලේඛය මගින් තවදුරටත් බලාත්මක කර ඇති බව, භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම