COVID-19 වැළැක්වීමේ උත්සාහයන් ගෙන් පසු බැසීමට තවමත් කාලය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2022-04-27 09:53:09
Share with:

වර්තමානය, COVID-19 වැළැක්වීමේ උත්සාහයන් ගෙන් පසු බැසීමේ කාලය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

මෑතකදී විවිධ රටවල COVID-19 පරීක්ෂණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩු කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව පහළ ගොස් ඇති බව එම සංවිධානය ඊයේ(26) ප්‍රකාශ කළේය.  එහෙත්  තවමත් වෛරසය වැළැක්වීමේ උත්සාහයන් අත් හැරීමේ කාලය  නොවන බව එහිදී ප්‍රකාශ කෙරිණ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ව්‍යාපෘති අධ්‍යක්ෂිකා Maria van Kelkhofer මහත්මිය ප්‍රකාශ කළේ ලෝකයේ  විවිධ ප්‍රදේශ වලින් ඉදිරිපත් කළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෙරෙහි තමාට විශ්වාසයක් නොමැති බවයි.ඇතැම් රටවල වෛරස් පරීක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් සිදුව තිබීම ඊට හේතු වූ බව ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම