පාකිස්ථානයේ දී චීන ගුරුවරුන් වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩිව හෙළා දකින බව චීනය කියයි
2022-04-27 20:36:30
Share with:

පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.

පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ බස් රථයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ චීන ජාතිකයන් නිෂ්ඵල ලෙස නොමියෙන බවයි.

ත්‍රස්තවාදයට එරෙහි පාකිස්ථාන ප්‍රයත්නයට චීනය දැඩිව අනුබල දෙමින්, එරට සමග එක්ව අපරාධකරුවන් අත්අඩංගුවට ගනු ඇත. එසේම, අපරාධකරුවන්ට නීත්‍යනුකූලව දැඩි දඬුවම් පමුණුවනු ඇත. මෙය චීන ජාතිකයන් වෙත චේතනාන්විතව එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව ද Wang Wenbin මහතා පැවසීය. මානව ශිෂ්ටාචාරයේ උරුමකරු මෙන්ම සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කරන්නා වන ගුරුවරයා වෙත ත්‍රස්තවාදීන් සෘජුව එල්ල කළ මෙම ප්‍රහාරය ඉතා බරපතල ක්‍රියාවකි. චීනය එය දැඩිව හෙළා දකින බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම