රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි
2022-04-27 18:19:37
Share with:

රට අරාජික වීමට කිසිසේත්  ඉඩ නොතබන බවත්, රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ අනුව කටයුතු  කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය. අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මහා සංඝරත්නය මෙහිදී සිය අදහස් පළ කළහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව මහනායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන ආගමික නායකයන්ගේ සහ  සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාව ලබාගැනීමට කටයුතු කරන බව, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, එහෙයින් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම