චීන ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරීත්වයෙන් තායිලන්ත ආර්ථික ප්‍රකෘතියට වාසි
2022-04-27 14:32:18
Share with:

චීන ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරීත්වය තායිලන්ත ආර්ථික ප්‍රකෘතියට උපකාරී වනු ඇතැයි එරට විශේෂඥයෙක් පවසයි.

තායිලන්තයේ Panyapiwat කළමනාකරණ ආයතනයේ චීන-ආසියන් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Tang Zhimin මහතා පසුගියදා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

තායිලන්තය සහ චීනය අතර සමීප ආර්ථික හා වෙළඳ සබඳතා පවතී. චීන ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරීත්වය, තායිලන්තයේ ආර්ථික ප්‍රකෘතිය සහ දෙරට අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම සඳහා ඉතා වැදගත් බව හෙතෙම පවසා ඇත.

චීනය තායිලන්තයේ විශාලතම වෙළඳ හවුල්කාරී රටය. එමෙන්ම චීනය, තායිලන්ත‍ නිෂ්පාදන රැසක් සඳහා වැදගත් අපනයන වෙළඳපොලක් පමණක් නොව, තායිලන්තයේ බොහෝ අමුද්‍රව්‍ය හා අතරමැදි නිෂ්පාදන ආනයනය කරන රටක්  සහ තායිලන්තයේ විදේශ ආයෝජනයේ වැදගත් මූලාශ්‍රයක්  වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

වසංගතය හමුවේ, අපනයන අංශය තායිලන්ත ආර්ථිකය මෙහෙයවන වැදගත් එන්ජිමක් බවට පත්ව ඇත. චීන ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරීත්වය තායිලන්ත‍යේ ආර්ථික ප්‍රකෘතියට ඉටු කර ඇති කාර්යභාරය පැහැදිලි යැයි ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම