යුක්රේන අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් විසඳා ගැනීමට රුසියානු ජනාධිපතිවරයා ගේ කැමැත්ත පළ වෙයි
2022-04-27 09:22:51
Share with:

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම රුසියාව ප්‍රතික්ෂේප නොකරන අතර රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (26) මොස්කව් නුවර සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ය.

ක්‍රෙම්ලිනයේ වෙබ් අඩවියට අනුව, වර්තමානයේ රුසියාව ක්‍රියාත්මක කරන විශේෂ හමුදා මෙහෙයුම සහ යුක්රේනයේ තත්ත්වය වැනි කරුණු සම්බන්ධයෙන් ව්ලැඩ්මිර් පූටින් මහතා සහ අන්තෝනියෝ ගුටෙරෙස් මහතා සාකච්ඡා කර තිබේ. රුසියාව සෑම විටම ලෝක සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය දක්වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පදනම් වූ මූලධර්මවලට පූර්ණ සහය ලබා දෙන බවත් ව්ලැඩ්මිර් පූටින් මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම