19 ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිතව බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
2022-04-26 17:25:48
Share with:

‍19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට ඊයේ(25)අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ(25)පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.

වර්තමානයේ රටතුළ පවතින දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදවලට ප්‍රායෝගික විසඳුම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය බල රහිත කර 19 වන සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධනවලට යටත්ව බලාත්මක කිරීම බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

මේ අතර, නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම සදහා චීනය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා යළි ආරම්භ කිරීමට අදාළ යෝජනාවක් ද අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේය. 2014 දී ආරම්භ කෙරුණු චීන-ශ්‍රී ලංකා සාකච්ඡා වට හයකින් පසුව 2017 දී අඩාල විය. අදාළ පාර්ශ්වවලින් සමන්විත සාකච්ඡා හා සම්මුති කමිටුවක් ඒ සදහා පත්කළ යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

 

 

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම