යල කන්නය සඳහා මහා වාරි ව්‍යාපාරවල ජලය නිකුත් කිරීම ඇරඹේ
2022-04-26 17:26:37
Share with:

දිවයිනේ සියලුම මහා වාරි ව්‍යාපාරවල මෙවර යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි, වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි. වාරි ජලාශ ආශ්‍රිතව මේ වන විට සියයට 72 ක ජල ධාරිතාවක් පවතී. එමගින් අපේක්ෂිත සියයට 80 ක වගා වපසරිය වගා කිරීමට හැකියාව ඇතැයි හෙතෙම පැවසීය. ඉදිරි මෝසම් වැසි ආරම්භ වීමට පෙර වගා කටයුතුවල නිරතවී හානි අවම කරගැනිමට කටයුතු කරන්නැයි ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර, ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය ක්‍රියාවට නංවා තිබේ. සියලු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙනු ඇත.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම