Shenzhou 13 අභ්‍යවකාශ යානයේ, අභ්‍යවකාශ කුටිය විවෘත කිරීමේ කටයුතු අවසන් වේ
2022-04-26 19:20:10
Share with:

මිනිසුන් සහිත Shenzhou 13 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් ආපසු පැමිණි අභ්‍යවකාශ කුටිය විවෘත කිරීම පිළිබඳ කාර්යයන් අද(26) සවස බෙයිජිං හිදී අවසන් විය.

චීන කෘෂිකාර්මික විශ්ව විද්‍යාලය හා කොස්මික් බීජ වගා කර්මාන්ත නවෝත්පාදන සන්ධානය ඇතුළු ආයතන විසින් Shenzhou 13 අභ්‍යවකාශ යානයේ තබා තිබූ විවිධ බෝගවර්ගවල බීජ සහ චීන මාධ්‍ය සමූහය විසින් ගගනගාමීන්ට ලබා දුන්, අභ්‍යවකාශ කක්ෂයේ දී පටිගත කෙරුණු 8K අධි-විභේදන රූප මතක ගබඩා සිම්පත්  මෙම අභ්‍යවකාශ කුටියෙන් ලබාගත් ද්‍රව්‍යවලට ඇතුළත්ය. චීන තැපැල් සමූහයේ බෙයිජිං ශාඛාව ලබා දුන් සමරු මුද්දර ද අභ්‍යවකාශ යානයේ තබා තිබිණ. චීන හොංකොං යෞවනයන්ගේ සිතුවම් යානයේ තැන්පත් කර තිබුණේ අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණික සමූහයේ සීමාසහිත සමාගම විසිනි.

මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය, ස්ථාපනය කිරීමේ සිට, සැමවිට ම ජාතික ආර්ථිකයට සහ ජනතාවගේ ජීවනෝපායට සේවය කිරීම සඳහා මෙන්ම, සංයුක්ත ප්‍රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා ද, විශාල වැදගත්කමක් ලබාදෙයි.

Shenzhou 1 අභ්‍යවකාශ මෙහෙයුමේ සිට, විද්‍යාත්මක පර්යේෂණ වටිනාකමක් ඇති හෝ සමාජ ප්‍රතිලාභ සහිත පුණ්‍ය ව්‍යාපෘති, සෑම මෙහෙයුමක දීම සිදුකර ඇත.

විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය, කෘෂිකාර්මික සංවර්ධනය, කාර්මික වැඩිදියුණු කිරීම හා ඉලක්කගත දිළිඳුකම පිටුදැකීම යන ක්ෂේත්‍රවල දී, මෙය ධනාත්මක කාර්යභාරයන් ඉටු කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම