නොසන්සුන් තත්ත්වය උග්‍රවීම වැළැක්වීමට ක්‍රියා කරන්නැයි චීනය පලස්තීනයෙන් හා ඊශ්‍රායලයෙන් ඉල්ලයි
2022-04-26 11:44:34
Share with:

නොසන්සුන් තත්ත්වය උග්‍රවීම වැළැක්වීමට සංවර ආකල්පයකින් යුතුව ක්‍රියා කරන්නැයි චීනය පලස්තීනයෙන් හා ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මේ අදහස් පළ කළේ, ඊයේ (25)එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති, මැද පෙරදිග-පලස්තීන ප්‍රශ්නය පිළිබඳ විවෘත සංවාද රැස්වීමට එක්වෙමිනි. පවතින නොසන්සුන් තත්ත්වය අඛණ්ඩව උග්‍රවී පාලනය කළ නොහැකි තත්ත්වයකට වර්ධනය වීම වළක්වා සංවර ආකල්පයකින් යුතුව කටයුතු කරන ලෙස පලස්තීන - ඊශ්‍රායල ගැටුමට අදාළ පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.

පලස්තීන - ඊශ්‍රායල දෙරට යළිත් නොසන්සුන් තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. සිවිල් ජනතාව ‍ඉලක්ක කරගත් ප්‍රහාර  හෙළා දකින චීනය, ආගමික සිද්ධස්ථානයන්හි ඓතිහාසික වටිනාකම් උල්ලංඝනය කරන සෑම ක්‍රියාවකටම දැඩි විරෝධය පළකරයි. විශේෂයෙන්ම, සංවර ආකල්පයකින් යුතු ව කටයුතු කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇති බව Zhang Jun මහතා සඳහන් කළේ ය.

පලස්තීන වැසියන්ගේ නිවාස ඉවත් කිරීම හා පලස්තීන ජනතාව පලවා හැරීම නතර කරන ලෙසත්, ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම නතර කරන ලෙසත්, බටහිර ජෝර්දාන ගං ඉවුරේ පලස්තීන ජන ප්‍රජාවේ සංවර්ධනයට ඉඩහරින ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියි. පලස්තීනය සහ ඊශ්‍රායලය ඉහළ මට්ටමේ සබඳතා අඛණ්ඩව පවත්වාගෙන හැකි ඉක්මණින්ම සාධාරණ සංවාදයක් යළි ආරම්භ කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම