යුක්‍රේන තත්ත්වය ගිවිසුමකට අත්සන් තැබීමකින් අවසන් කළ හැකි බව රුසියාව කියයි
2022-04-26 10:21:35
Share with:

යුක්‍රේන තත්ත්වය ගිවිසුමකට අත්සන් තැබීමකින් අවසන් වනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා පවසයි.

එම ගිවිසුමේ අන්තර්ගතය, යුද මෙහෙයුම්වල සැබෑ තත්ත්වය මත තීරණය කෙරෙනු ඇතැයි ද ඊයේ(25) Sergey Lavrov මහතා රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

යුද මෙහෙයුම් ආරම්භයේ දී ඉදිරිපත් කළ ඉල්ලීම් අත්හැරීමට රුසියාව සූදානම් නැතැයි ද සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට උපරිම සුපරීක්ෂාකාරී පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසීය. තුර්කියේ Istanbul නගරයේ පැවති සාකච්ඡාවේදී යුක්‍රේනය විසින් ඉදිරිපත් කළ ගිවිසුම පිළිබඳ යෝජනාවලිය රුසියාව සක්‍රීයව පිළි ගැනීමට කැමති නමුත්, පසුව ඇමරිකාවේ බලපෑමෙන් යුක්‍රේනයේ ස්ථාවරය වෙනස් වී පෙර යෝජනාවලියට  පරස්පර සිතුවිලි එරට විසින් ඉදිරිපත් කර තිබේ. එය සාකච්ඡාව පිළිබඳව යුක්‍රේන පාර්ශ්වයෙන් සිදු වූ විශාල පසුබැසීමක් බව ද රුසියානු වි‍දේශ අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම