විදේශීය අයෝජකයන් සඳහා නව ක්‍රමවේදයකට දීර්ඝ කාලීන වීසා
2022-04-26 17:27:26
Share with:

විදේශීය අයෝජකයන්ට දීර්ඝ කාලීන වාස වීසා (Residence Visa) නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ඊට අදාළ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගැනෙනු ඇත.

මේ යටතේ, සහාධිපත්‍ය දේපළ අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩියෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කලත්‍රයන්ට සහ යැපෙන්නට අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක කාලසීමාවක් දක්වා වාස වීසා නිකුත් කිරීමට හැකි වන පරිදි "රන් පාරාදීස වීසා වැඩසටහන" නමින් වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම