ප්‍රංශ ජනාධිපතිවරණයෙන් Emmanuel Macron මහතා යළි තේරී පත් වන ලකුණු
2022-04-25 10:46:51
Share with:

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් Emmanuel Macron මහතා යළි තේරී පත් වන බව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ ජන මත විමසුම්වලින් පෙනී යයි.

එරට මාධ්‍ය කීපයක් ඊයේ (24) ප්‍රකාශ කළ එවැනි ජන මත විමසුම් අනුව, වත්මන් ජනාධිපති Emmanuel Macron මහතා දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී එරට අන්ත දක්ෂිණාංශික පක්ෂය වන National Rally අපේක්ෂක Marine Le Pen මහත්මිය පැරදවීමට සමත්ව තිබේ.

44 හැවිරිදි Emmanuel Macron මහතා 2012 දී ප්‍රංශ ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය මහලේකම් ලෙස පත් වූ අතර, 2014 දී ආර්ථික, කර්මාන්ත සහ ඩිජිටල් කටයුතු අමාත්‍යවරයා ලෙස පත්විය. 2017 මැයි මාසයේදී ඔහු ජනාධිපතිවරණයේ දෙවන වටයේදී Marine Le Pen මහතා පරාජය කර ප්‍රංශ ජනාධිපති ධුරයට තේරී පත් විය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම