ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2022-04-25 19:09:40
Share with:

රටේ පවතින වත්මන් තත්වය සහ ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අදාළ ලිපිය ඊයේ (24) මහ නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබ ඇත.

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ යෝජනාවලියක් ඇතුළත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණේ, පසුගිය 4 වැනිදා ය.

මේ අතර, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද (25) ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා  තම පිළිතුරු ලිපියෙන් අන්තර් වාර රජයක් සඳහා කැමැත්ත පළකර ඇති බවයි. එම ලිපිය පසුව මාධ්‍ය වෙත නිකුත් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම