ලොව ප්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ශංහයි නගරය තම ප්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පවසයි
2022-04-25 14:42:30
Share with:

ලොව ප්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ශංහයි නගරය තමන්ගේ ප්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පවසයි.

ගෝලීය ආ‍යෝජන බැංකු, ශංහයි නගරයේ තම කටයුතු ව්‍යාප්ත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම ක්‍රියාමාර්ග වත්මන් කොරොනා වසංගත වැළැක්වීම් හා පාලන විධිවිධාන හේතුවෙන් වෙනස් නොකරන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පසුගිය 22වැනිදා ලිපියක් පළකරමින් වාර්තා කළේය.

මෑත සතිවලදී, Goldman Sachs Group Inc. සහ JP Morgan Chase ඇතුළු සමාගම් හොංකොං සිට ශංහයි වෙත තම කාර්ය මණ්ඩල ගෙන ගොස් ඇත. Morgan Stanley, Citigroup, UBS, Credit Suisse සහ Deutsche Bank යන ගෝලීය ආයෝජන බැංකු ඉදිරි වසර කිහිපය තුළ ශංහයි නගරය තමන්ගේ ප්‍රධාන ආයෝජන ගමනාන්තය ලෙස ලැයිස්තුගත කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

චීන ව්‍යාපාර සහ වාණිජ බැංකු මහා පරිමාණයෙන් ඩිජිටල්කරණය  ප්‍රවර්ධනය කර ඇති බැවින්, ශංහයිහි කොරොනා වසංගත වැළැක්වීමේ හා පාලන ක්‍රියාමාර්ගවලින් සිය කටයුතුවලට බරපතල බලපෑමක් සිදුවී නොමැති බව ද Citigroup සමාගම පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම