යළි ප්‍රංශ ජනාධිපති ධුරයට තේරී පත් Emmanuel Macron මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-04-25 17:49:39
Share with:

Emmanuel Macron මහතා යළි ප්‍රංශ ජනාධිපති ධුරයට තේරී පත් වීම පිළිබඳව චීන ජනාධිපතිවරයා සුබ පැතුම් පිරිනමයි.

අද(25) යොමු කළ එම පණිවුඩයේ ජනාධිපති ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත්තේ, ගෙවී ගිය වසර 5 තුළ චීන- ප්‍රංශ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව උසස් මට්ටමින් වර්ධනය වෙමින් පවතින බවයි. සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය යටතේ, චීන- ප්‍රංශ සබඳතාව යහපත් මෙන්ම ස්ථීර ලෙස වර්ධනය කිරීමේ වැදගත්කම කැපී පෙනෙන බව හෙතෙම අවධාරණය කළේය.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග දෙරටේ සබඳතාව දිගුකාලීනව, අඛණ්ඩව ඉහළ මට්ටමකට රැගෙන යාම ෂී ජින් පිං මහතාගේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම