බහුපාර්ශ්විකවාදය විශාල අභියෝගයට ලක්වීම හමුවේ ජගත් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියයි
2022-04-25 10:08:50
Share with:

බහුපාර්ශ්විකවාදය විශාල අභියෝගයට ලක්වීම හමුවේ ජගත් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ, ඊයේ(24) බහුපාර්ශ්විකවාදය හා සාමකාමී රාජ්‍යතාන්‍ත්‍රිකභාවය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් දේශනයක් පවත්වමිනි.

අන්තර්ජාල භාවිතයෙන් වඩාත් පුළුල් සහයෝගීතාවකින් යුතු බහුපාර්ශ්විකවාදය ගොඩනැගීමට ජගත් ප්‍රජාව උත්සාහ දැරිය යුතුය. විවිධ රටවල රජයන් හා නායකයන්, සංවාද පැවැත්වීම හා ගෝලීය ගැටළු විසඳුම් සැලැස්ම සඳහා එළඹුණු පොරොන්දු යළි අවධාරණය කළ යුතු බවත්, එය සාමය උදාකිරීම සඳහා වන එකම අඛණ්ඩ මාර්ගය බවත් ඔහු පැවසීය.

අප්‍රේල් 24 වැනිදා බහුපාර්ශ්විකවාදය හා සාමකාමී රාජ්‍යතාන්‍ත්‍රිකභාවය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය විසින් ප්‍රකාශයට පත්කෙරුණේ, 2018 දෙසැම්බර් මාසයේ දීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම