ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට පියවර
2022-04-25 19:08:43
Share with:

රටෙහි ඖෂධ හිඟයක් ඇති වීම වැළැක්වීමට රජය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනයට සඳහා ඩොලර් මිලියන 44 ක් වටිනා ණයවර ලිපි විවෘත කෙරෙමින් පවතී. රුපියල් බිලියන 3 යි දශම 7 ක වටිනාකමින් යුත් ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා මේ වන විටත් ණයවර ලිපි නිකුත් කර තිබේ.

විවිධ රටවල් ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටී.

මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කටයුතු අකර්මණ්‍ය වී ඇති බවට විවිධ පුද්ගලයන් ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය එස්. විජේසූරිය මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම