21 වැනි සංශෝධන කෙටුම්පත සඳහා යෝජනා අද නව කැබිනට් මණ්ඩලයට
2022-04-25 19:08:01
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (25)අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගියදා පත්කෙරුණු නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම අද (25)පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂවල යෝජනා පසුගියදා කතානායකවරයා වෙත බාරදුන්නේය.

කතානායකවරයා විසින් එම යෝජනා අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කර, 19 වැනි සංශෝධනයේ අඩුපාඩු මගහරවා ගනිමින්, සාධනීය වෙනස්කම් සහිතව 21 වැනි සශෝධනය ලෙස රැගෙන ඒමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ ඉකුත්දා සිය එකඟතාව පළකළහ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම