යුරෝපීය ආරක්ෂක අර්බුදයට මුල් වූයේත් ඇමරිකාවේ දුරාචාර බව චීනය කියයි
2022-04-25 18:59:44
Share with:

චීන-රුසියානු සබඳතා පිළිබඳ ඇමරිකානු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකගේ කථාවට එරෙහිව, චීනය ප්‍රතිචාර දක්වයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(25) පෙන්වා දුන්නේ, ඇමරිකාව කරුණු නොසලකා හරිමින් කරන පදනම් විරහිත චෝදනා, චීනය ප්‍රතික්ෂේප කරන බවයි.

"ආරක්ෂාව බෙදිය නොහැක" යන මූලධර්මය ඇතුළු රුසියාවේ සමහර ප්‍රකාශ චීනය පුනරුච්චාරණය කරන බව, ඇමරිකානු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා පසුගියදා පවසා තිබිණ.

මේ පිළිබඳ Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, "ආරක්ෂාව බෙදිය නොහැක" යන මූලධර්මය, රුසියාවට පමණක් නොව, ඇමරිකාව ඇතුළු නේටෝ සාමාජික රටවල්, ඒ ඒ යුරෝපීය රටවල් සහ සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව විසින්, පොදුවේ පිළිගත් වැදගත් මූලධර්මයක්  බවයි.

ඉතිහාසය අමතක කිරීම දරුණුම පාවාදීමයි. එසේම, එකඟතා ප්‍රතික්ෂේප කිරීම බරපතල ප්‍රතිවිපාකවලට තුඩුදෙනු ඇත. ඇමරිකාවේ මෙම දුරාචාරයන්  පැහැදිලිවම ඒකපාර්ශ්විකවාදය සහ ඓතිහාසික සංශෝධනවාදය පිළිබිඹු කරයි. වත්මන් යුරෝපීය ආරක්ෂක අර්බුදයට මුල්වූයේ ද ඇමරිකාවේ දුරාචාර බව Wang Wenbin මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම